Skip to content

Lyrics

සිංහල
පුංචී පුංචී ආඩම්බරකාරී රණ තිසරු ළැමිනා - සිතැඟි පෙළනා මුකුළු සලනා නාරී රන් රුවට දිලෙනා නිතඹ සලනා මහද වෙලනා බාරී... මල් යායේ යං පාවී - නිල් දෑසේ නෙත් යාවී හැන්දෑවේ මේ යාමේ - මල් මන්දහාස පෑවේ පෙම් ගීයේ නින්නාදේ මගෙ හදේ තාම රැව්දේ අරවින්දේ මකරන්දේ අපි දෙන්නාටයි ලන්දේ සැනසීලා මගෙ දෑතේ ළංවීලා ඉමු ප්‍රේමී සතපාලා මල් යහනේ සනසන්නම් පෙම් සිහිනේ පෙම් ගීයේ නින්නාදේ මගෙ හදේ තාම රැව්දේ අරවින්දේ මකරන්දේ අපි දෙන්නාටයි ලන්දේ

More by Hiran Thenuwara

View all songs by Hiran Thenuwara →

Similar Songs