Skip to content

Lyrics

සිංහල
(පෙම් කැකුළ පිපී එනවිට මහදේ - එය පරව ගියා මා හෙළා මේ දුක් අන්ධකාරේ - අන්ධකාරේ... ) බොහෝ කෘෘරයි අහෝ ලොව ධර්මේ මිල කළේ ඇයිදෝ ඔබ ප්‍රේමේ මා පියඹ සුදෝ ඔබ තනි කරදා - මට යන්න වුනේ මා දුගී නිසයි මේ සමාජේ - මේ සමාජේ (ඔබෙ බිළිදා මා තුරුලෙ හොවාලා නළවන්ටයි මා උන්නෙ බල බලා... ) ඒ පැතුම මෙමා හද පතුලෙ නැගී - අද නිසරු වුනේ කෘෘර වූ නිසයි මේ සමාජේ - මේ සමාජේ (හඳ පායා සුනීල වූ අඹරේ - ගිලුනා සේ වළාකුළු අඳුරේ... ) අප හදෙහි නැගී පෙම් එලෙස ගියා - අඳුරෙහි ගිලුනා නිශ්ඵලයි ජීවත් වීම ලෝකේ - දුෂ්ඨ ලෝකේ පෙම් කැකුළ පිපී එනවිට මහදේ - එය පරව ගියා මා හෙළා මේ දුක් අන්ධකාරේ - අන්ධකාරේ

More by Haroon Lanthra

View all songs by Haroon Lanthra →

Similar Songs