Skip to content

Lyrics

සිංහල
වලාකුලක් මෙන් ඈතට පාවුන නිම් නැති අඹර දිගේ පිහාටුවක් නැති ගිලිහී විසිරුනු පියඹන කවුඩකුගේ නැගි බිඳුනු රණ වරලස මාගේ බොර වී ගලන ගඟේ ඔබේ සිතින් මා සදහට අමතක කරලනු මැනවි ප්‍රියේ අමතක කරලනු මැනවි ප්‍රියේ වලාකුලක් මෙන් ඈතට පාවුන නිම් නැති අඹර දිගේ කැළෑ මලක් ලෙස දෙපයට පෑගුණ ගොරහැඩි මිනිසෙකුගේ කුණාටුවක් වී වියරුව විසි වී පැන ගිය වනය දිගේ හිඟා කකා ඔය ගෙමිදුල වෙත ආ යාචක ළඳකු වගේ ඔබේ සිතින් මා සදහට අමතක කරලනු මැනවි ප්‍රියේ අමතක කරලනු මැනවි ප්‍රියේ වලාකුලක් මෙන් ඈතට පාවුන නිම් නැති අඹර දිගේ රන්මිනි දද බැඳි සුවිසල් මැදුරුද පොළොවට සම වෙන්නේ හුන් හඬ දීගෙන දිව යන දිය රැළි වැලි මත වියලෙන්නේ හිතන දෙයම නොව නොසිතන දෙය වන ලොවකය අප ඉන්නේ ඔබේ සිතින් මා සදහට අමතක කරලනු මැනවි ප්‍රියේ අමතක කරලනු මැනවි ප්‍රියේ වලාකුලක් මෙන් ....

More by Gsb Rani Perera

View all songs by Gsb Rani Perera →

Similar Songs