Skip to content

Lyrics

සිංහල
හෝයියා හෝ හෝ මහ මුහුදේ ගිහිල්ලා හෝයියා හෝ හෝ අපි මාලු ඇල්ලුවා හෝඩි හෙලේ... මහ මුහුද සැරයි වියදමත් සැරයි ඒ හින්දා අපිට යන්නම වෙනවා අඹු දරුවෝ හඬයි කුසගින්න දැනෙයි ඒ හින්දා අපිට යන්නම වෙනවා... (හෝයියා හෝ හෝ මහ මුහුදේ ගිහිල්ලා හෝයියා හෝ හෝ අපි මාලු ඇල්ලුවා... ) හෝඩි හෙලෙයි... (කිසිවෙකු නැති සයුරේ තනියක් නැහැ දැනුනේ මිතුරන් ගී ගැයුවේ රැය ගෙවුණා නොදැනේ... ) අපේ දුක බලා මාළුන් දැල වෙත එන්නේ දෙවියන් අප දෙස බැලුවේ.... මහ මුහුද සැරයි... (හෝයියා හෝ හෝ මහ මුහුදේ ගිහිල්ලා හෝයියා හෝ හෝ අපි මාලු ඇල්ලුවා... ) හෝඩි හෙලෙයි... (දියඹට ගොස් හනිකේ දැල් එලුවා සයුරේ වෙහෙසක් නෑ දැනුනේ ගත සවියයි සැමගේ... ) අපේ දුක බලා මාළුන් දැල වෙත එන්නේ දෙවියන් අප දෙස බැලුවේ.... මහ මුහුද සැරයි... (හෝයියා හෝ හෝ මහ මුහුදේ ගිහිල්ලා හෝයියා හෝ හෝ අපි මාලු ඇල්ලුවා... ) හෝඩි හෙලෙයි...

More by Flash Back

View all songs by Flash Back →

Similar Songs