Skip to content

Lyrics

සිංහල
සෙල්ලම් කළ මිදුලේ සුදු වැල්ලේ පුංචි පුතා අද මංගල රැල්ලේ ආසිරි පවනේ මල් පියවිල්ලේ සිරිදුව හා කැඳවයි මනලොල්ලේ සසරින් ගෙන ආ ඔබ සහකාරී සසරට ගෙන යන සොඳුරු කුමාරි කුලදම් පතිකම් සුරකින නාරි ලලන ලොවට වෙනවා මුතුහාරි සෙල්ලම් කළ... හද බැඳි පෙම සැල මුතු අනුරාගේ මිණිමුතු රන් බැඳි මුතු මාලය වාගේ බිරියගේ ආසිරි බස කොයි වාගේ ආසිරිවාදය වැනි අම්මාගේ සෙල්ලම් කළ...

More by Edmund Wickramasekara

View all songs by Edmund Wickramasekara →

Similar Songs