Skip to content

Lyrics

සිංහල
දෙවියනි පෙරදා මට දුන් දේ උදුරා අද ගන්නේ ඇයි කියලා පහදන්න පැමිණිලා සතුට දී සනසාලා අගට දුක අමුණාලා රිදවන්නේ ඇයි කියලා මං දන්නෑ තවමත් (මගේ කඳුළු දැක සතුටු වෙන්න සමහරුන් බලන් ඇති සැපේදි සිටි අය දුකේදී ළඟ නෑ දැන් මට මා පමණි... ) හිර කරගෙන කප්පරක් ශෝකයන් සිටිමි සිනහා වෙලා ලෝකය ඉදිරියේ අනුකම්පාවක් නෑ මට ඕන වෙලා හයියයි හිත මගේ ඒත් දුකයි මට දෙවියොත් පිටුපාලා වරදක් නොකරන මට මේ විලසින් දඬුවම් දෙන හින්දා (මගේ කඳුළු දැක සතුටු වෙන්න සමහරුන් බලන් ඇති සැපේදි සිටි අය දුකේදී ළඟ නෑ දැන් මට මා පමණි... ) ජීවිතයේ මට ලොකු ලොකු අරමුණු නෑ දැන් ඉතුරු වෙලා මීට වඩා තව කරදර මොනවද උහුලන්නට තියෙනා ආදරේ කරනා දේවල් මට බේරා දෙන්නට කියලා කියන්න ආවත් මං එනකොට දේවාලෙත් දොර වැහිලා... දෙවියනි පෙරදා...

More by Dileepa Saranga

View all songs by Dileepa Saranga →

Similar Songs