Skip to content

Lyrics

සිංහල
(මගේ කොණ්ඩේ නැතත් ඉන ගාවට රෙද්දේ හැට්ටේ නොඇන්දාට හැදිච්චකම හොඳට තියෙනවා කොණ්ඩේ පාට කරලා කොට කෙරුවට බටහිර පන්නෙට ඇන්දට හැදිච්චකම තාම තියෙනවා...... ) යනකොට පාර තොටේ පිඹගෙන හැටට හැටේ තරුණ නාකි වෙනසක් නෑ බැල්ම දානවා වැඩි දෙනෙකුගේ හිත රිද්දලා එක්කෙනෙකුව බැහැ බඳින්න ඒක නිසා මැරෙන තුරා නොබැඳ ඉන්නවා...... මගේ කොණ්ඩේ...... දැන දැන වැරදි කරන බොරුවෙන් ජීවත් වෙන අය දැක්කම මට හරියට කේන්ති යනවා නැති බැරි අය මුණ ගැහුනම ඒ අයගේ දුක කිව්වම උණු වෙන ගතිය හිතේ මටත් තියෙනවා...... මගේ කොණ්ඩේ...... මගේ සිංදු අහන් ඉන්න කැමති අය ඉන්න තුරු ඒ අය පිනවන්න මමත් සිංදු කියනවා රසිකයෝ අඩුවෙලා මට බැහැයි තියලා හිතුනුදාට තිය‍ෙන දෙයක් කාලා බීලා ගෙදර ඉන්නවා..... මගේ කොණ්ඩේ.....

More by Corine Almeda

View all songs by Corine Almeda →

Similar Songs