Skip to content

Lyrics

සිංහල
මා සමිඳේ පවින් මුදන්නට ආ සමිඳේ අප ගලවාගත් දෙව් සමිඳේ ඔබ යලි කවදද එන්නේ සමිඳේ අපේ ඔබ යලි කවදද එන්නේ කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසූ මෙලොවට බිහි වුනේ පුංචි ගව මඩුවේ උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ සීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේ දුප්පත් එ‍ඬේරු ‍ඒ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ ජේසූ මෙලොවට බිහි වුනේ පුංචි ගව මඩුවේ මරිය තුමීයගේ පෙම්බර මුහුණේ එළියක් දිස් වූයේ ‍ජුසේ තුමා කිසි දාකත් නෑ දෙව් අණකට ‍පිටුපෑවේ උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ ජේසූ මෙලොවට බිහි වුනේ පුංචි ගව මඩුවේ කලකට පෙර.... උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ සීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේ දුප්පත් එ‍ඬේරු ‍ඒ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ ජේසූ මෙලොවට බිහි වුනේ පුංචි ගව මඩුවේ (මා සමිඳේ පවින් මුදන්නට ආ සමිඳේ අප ගලවාගත් දෙව් සමිඳේ ඔබ යලි කවදද එන්නේ සමිඳේ අපේ)..

More by Christmas Carols

View all songs by Christmas Carols →

Similar Songs