Skip to content

Lyrics

සිංහල
රොක් වීලා ජය ගී ගයලා අපි හද ගැහෙන රිද්මයට බෙර වයමු සිංහ රටේ සිහ කොල්ලෝ සැරයි යලි විකට් අභියෝගේ ජය ගේමු ශ්‍රී ලංකා... ජය නාදේ පා අපිට ජය නියත දා වීර ගමනකට දිරි දීලා දේශයේ පවා සැවොම එක් හිත් දරා සිහින පොකුරට සුභ පැතුවා සිංහ සේයාව පතුරලා අභිමාන තේජස පාලා ලාංකිකයි හදවත් අපේ එකම හීනයක බැඳිලා... රොක් වීලා... ලංකා මෑණියගේ නාමෙන් ලෝකේ පුරා නම ගෙනියන්න ආපු මේ පුතුන් සදා හෙළ අභිමානේ රැක්කාලු ඉතිහාසේ පවා ඒ ජය උරුමේ නියතයිලු තුන්කල් සදා... සිංහ සේයාව පතුරලා අභිමාන තේජස පාලා ලාංකිකයි හදවත් අපේ එකම හීනයක බැඳිලා රොක් වීලා... සිනහා දොරේ ගලනා දවස කරා නෙතගේ කඳුළු පිරෙනා සතුට නිසා අපේ හිතවන්ත හිත් අතරේ මිහිර දිනා ජය අරගන්න මේ වාරේ කිරුළ දරා සිහින පොකුරට සුභ පැතුවා සිංහ සේයාව පතුරලා අභිමාන තේජස පාලා ලාංකිකයි හදවත් අපේ එකම හීනයක බැඳිලා... රොක් වීලා...

More by Chethiya Lakshan

View all songs by Chethiya Lakshan →

Similar Songs