Skip to content

Lyrics

සිංහල
දියසායම් සිතුවමක් වගේ රෝස කම්මුල් ඔබගේ මුවදෙනකගේ දෙනෙත් වගේ අවිහිංසක දෑස ඔබේ වරක් නොවේ සිය වරක් හොරැහින් බලනු සිතේ මට කියාදෙන්න ඔබ කව්ද කියා මගේ........ ඔබ ගැන කියන්න කවිපද මා දන්නෑ ගීයක් කියන්න තනු සිත දැවටෙන්නෑ මා ගත පෙලෙනා මා සිත දවනා සිතුවිලි ගොන්නක් හදවත පතුලේ කියාගන්න බැරි දෙයක්ද ආදරේ........ මුවඟ සිනා නැගුවා මේ මටද කියා දන්නෑ ඔබ දෙනෙත් අගින් බැලුවා සිත කොහෙද කියා දන්නෑ ඔබේ ආදර සිනහව මා හට දී ගියේ ඇයිද කියා දන්නෑ මගේ හිතට හොරා සැඟවී නොයන් නඟේ....... මගේ දෑසේ කැඩපත ඔබද කියා දන්නෑ නෙත දිවෙන දිවෙන අත ඔය රුව වරදින්නෑ හදවත යටිනා සිහිනෙකි හදනා සිතුවිලි ගොන්නක් හදවත පතුලේ බලාපොරොත්තුව බලා සිටිනවා....... පාට පිරුණු දේදුන්නක් සේ වැහි වලා අතරේ ඇදේ සිත බැඳගත්තේ ඔබ ඇයිද නගේ ඉන්ද්‍රජාලයක් වගේ ඔබ නැති ලොකේ කොයදැයි මා දන්නෑ මගේද කියා ඔබ තාමත් වැටහෙන්නෑ ළංවී සිටිනා හදවත් බැඳෙනා ආදර සිතුවිලි මා හද පතුලේ ලබාගන්න බැරි දෙයක්ද ආදරේ ආදරේ.........

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...