Skip to content

Lyrics

සිංහල
පිනි වැටී මල් පිපෙනා මහ පොළොවේ අත් අල්ලාගෙන ඇවිදින්නට සංසාරේ බලා ඉන්නවා තව දවසක් එන තුරා පියාණෙනි මං ඔබේ ආදර දෝණි සීතල පින්නක සඳ එළියෙන් නහවා මල් පෙති රැඳිලා මල් කුමරිය වීලා සඳ ළඟ තරුවක් වී දිලිහෙන්නම් මා ඔබ තුරුලේ තරු එළියක් වීලා සුවඳ හමයි සුදු මල් පිපිලා කඳුළු සලා පොළොවේ තනි වීලා පිනි වැටී මල්... සිහිනෙන් පියඹා ඇවිදින් මා ළඟ සිටියා දිවිය පුරා දහසක් දුක් විඳලා හිරි පොද වැස්සේ ඔබ කියූ කතා හද පතුලේ රැව් දී ඇසෙනවා ඔබේ සිහිනය වෙත මා ලංවීලා සිත සනසාගෙන ළඟ රැඳුනා පිනි වැටී මල්... මං ඔබේ ආදර දෝණි...

More by Ashanthi

View all songs by Ashanthi →

Similar Songs