Skip to content

Lyrics

සිංහල
කඳුළු තමයි මේ හිනැහෙන්නේ ඔබම තමයි ඒ ගැන දන්නේ මියැදුනු සිහිනෙක සිනහ දකින්නට පාරමිතා පුරනා ඔබෙ පෙම්වතියයි මා..... සීතල අත්ලට බරදීලා රිදෙන කඳුළු කැට උහුලාලා අහිංසකම සිනහව මකලා මගෙන් උදුරගත් දා ඉඳලා අහිමි පැතුම් මුළු හිත පිරිලා යළි ඔබ හිනැහේනම් නොහඬා ඉන්නම් මං කඳුළු තමයි මේ හිනැහෙන්නේ .../ නිදි නැති රැය නුඹ ළඟ වැටිලා ගැහෙන පපුව උඩ සැතපීලා නොසැලෙන ඇස් දෙක දිහා බලා සැනසෙන්නම් අපෙ පෙම හිතලා සිහින ලොවින් ඇස්දෙක ඇරලා යළි ඔබ එනවානම් තව හිනැහෙන්නම් මං කඳුළු තමයි මේ හිනැහෙන්නේ....

More by Anupama Gunasekara

View all songs by Anupama Gunasekara →

Similar Songs