Skip to content

Lyrics

සිංහල
ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා - නමෝ නමෝ නමෝ නමෝ මාතා සුන්දර සිරි බරිනී - සුරැඳි අති ශෝභමාන ලංකා ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය රම්‍යා අප හට සැප සිරිසෙත සදනා ජීවනයේ මාතා පිළිගනු මැන අප භක්තී පූජා - නමෝ නමෝ මාතා ඔබ වේ අප විද්‍යා - ඔබමය අප සත්‍යා ඔබ වේ අප ශක්තී - අප හද තුළ භක්තී ඔබ අප ආලෝකේ - අපගේ අනුප්‍රානේ ඔබ අප ජීවන වේ - අප මුක්තිය ඔබ වේ නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන භූමි කරා එක මවකගෙ දරු කැළ බැවිනා - යමු යමු වී නොපම‍ා ප්‍රේම වඩා සැම භේද දුරැලලා - නමෝ නමෝ මාතා

More by Ananda Samarakon

View all songs by Ananda Samarakon →

Similar Songs