Skip to content

Lyrics

සිංහල
පොඩි මල් එතනෝ - සුරතල් එතනෝ කාට ඇසෙන්නද ළදේ - කදිමට කවි කියන්නේ හිඳ තනියම ගංතෙරේ - පොඩි මල් එතනා - සුරතල් එතනා අතු අග සිටින ඒ - රණ ගිරවිට නැටෙන සේ කියන්න කවි මේ ලෙසේ - නිකමට හිතුණා හා හා ඔය බොරු එපා - දන්නව මම ඔය උපා මට අහගෙන ඉන්නනේ කවිය කියන්නේ - සුරතල් එතනා අහසේ හිරු බැස යතේ - කුරුලෝ ඉගිලී යතේ ගඟ දිය සුළඟින් ඇදෙයි - බලන්න මහිමේ හැබැහට ලස්සන තමයි - එතනගෙ රුව කදිම මැයි මුහුණ පොසොන් සඳ වගේ - රැස් විහිදෙන්නා මගෙ හැඩ මොකටද අනේ - නොකියනු දැන් එය අනේ බලන්න හිරු ගිලුණනේ - අඳුරත් වැටුණා පොඩි එතනා බය හැඩයි - සඳ අර අහසේ නැගෙයි මා නිතරම ඔබ ළඟයි - මගෙ මල් එතනෝ පීනමු පෙමි සාගරේ - එතෙනට යමු දෙව් පුරේ නෙක සිරි සැප විදිමිනේ - ප්‍රේමෙනෙ සැමදා

More by Ananda Samarakon

View all songs by Ananda Samarakon →

Similar Songs