Skip to content

Lyrics

සිංහල
අනුරාගී තොල්පෙති විහිදා හසරැල් මවා දිගු දෑස පොඩි කර රහසින් ඉඟියක් එවා මද සුළඟේ තාලෙට රඟ දෙන කෙහෙරැල් පවා නොකියූ කතාවක් කියන්න ඇරයුම් කළා සමනලියේ ඔබ සුරඟන අඟනක්දෝ ශෘෘංගාරේ හැඟුම් මවා මා සිත කළඹනවාදෝ සියුමැලියේ ඔබ පැතු ඒ පෙම සුවදෝ මහදේ ඇති වූ සෙනෙහේ වැටහෙන් නැතිවාදෝ...... තනිවෙන්න ආසයි ඔබ හා හැමටම හොරා විඳගන්න නුඹගෙන් මා තුරුලට වෙලා පවසන්න සොඳුරේ කොඳුරා කවුරුද ඔයා දෙවියන්ද මැව්වේ ඔබගේ ඔය රූ සොබා..... සමනලියේ ඔබ සුරඟන අඟනක්දෝ ශෘෘංගාරේ හැඟුම් මවා මා සිත කළඹනවාදෝ සියුමැලියේ ඔබ පැතු ඒ පෙම සුවදෝ මහදේ ඇති වූ සෙනෙහේ වැටහෙන් නැතිවාදෝ...... අසම්මත ප්‍රේමාලෝකෙක සිත බැඳ තබා අනන්තෙන් ඈතට මේ සිත ඔබ ගෙන ගියා කඳුලින්ම තෙමෙනා ඔබගේ සැඟවූ කතා පවසන්න එනවද දිනයක මේ හිත සොයා...... අනුරාගී තොල්පෙති......

More by Akalanka Gunarathna

View all songs by Akalanka Gunarathna →

Similar Songs