Skip to content

Lyrics

සිංහල
සුන්දරයි මගේ ජීවිතේ ඔබේ සෙනෙහස මෙමට ලැබෙනවා නම් ආදරෙයි මගේ ආත්මයෙන් මගේ තනිකම ඔබට දැනෙනවා නම් අසරණ වෙනදා ජීවිතයේ ලෙන්ගතු වෙන අය මේ ලොව දෙවිවරු වේ..... සුන්දරයි මගේ ජීවිතේ ඔබේ සෙනෙහස මෙමට ලැබෙනවා නම්..... මල් යායේ සමනල්ලු පින්නෙන් තෙමී යයි තටු බරව පිනි වැස්සේ හඬනා විලාපෙයි... මගේ ජීවිතේ ඒ වගේමයි දුර පාළු තරුවක් වගෙයි.... සුන්දරයි මගේ ජීවිතේ ඔබේ සෙනෙහස මෙමට ලැබෙනවා නම් ආදරෙයි මගේ ආත්මයෙන් මගේ තනිකම ඔබට දැනෙනවා නම්..... මගේ සිහින බිඳ වැටුණේ මගේ බාලයේමයි සඳ සිසිල හිරු කිරණ නොලැබී ගියා සේ... තනි වෙන්න වරදක් උනාදෝ රහසින් අසයි තාරුකා..... සුන්දරයි මගේ ජීවිතේ......

More by Yohan Perera

View all songs by Yohan Perera →

Similar Songs