Skip to content

Lyrics

සිංහල
මතකේ පුරා හඬනා ඔබ කී කතා අඳුරේ පවා පෙනෙනා ඔබ සිහිවෙනා මොහොතක් මගේ ළඟ නැවතීලා වෙන් වීම යන්නට හිත හදලා කවදාක හෝ මේ සසරේ මට මැව්වේ ඔබම නිසා....... නෑ කිසිදා මට දැනිලා ඔබ හිමි නෑ කියා හිත උතුරා සැනසුනුදා ඔබ තුරුලටම වෙලා මුමුණනා සෙනෙහේ කතා හද පුරා සිතුවම් වෙලා හැම හුස්මේ ළඟ රැඳිලා මට මැව්වේ ඔබම නිසා....... දුක උහුලා ඉන්න ඔයාගේ ඉරණම කියලා ඔබ හින්දා රැවටුණු දා මට ලොව එරෙහි වෙලා නොහැඟෙනා කඳුළු වුණා ඔබ මගෙන් වෙන් වී ගියා මතු භවයේ පතමි මෙමා මට මැව්වේ ඔබම නිසා....... මතකේ පුරා........

More by Yashodha Priyadarshani

View all songs by Yashodha Priyadarshani →

Similar Songs