Skip to content

Lyrics

සිංහල
මේ මිහිතලේ සෙනෙහස් විලේ මධු පුෂ්ප මකරන්ධයයි පියතුමනි පාද වඳිමි ගුණ සාගරේ වන්දනා ඔබේ පාද යුග වන්දනා දරුවන්ට නොපෙනෙන්න වද වේදනා උසුලා දරුවන්ට නොදැනෙන්න දුක් වේදනා විඳිනා පියතුමනි පා වඳිමි සැමදාම ඔබ වාසනා සංසාරයේ වාසනා ඔබ සෙවණේ මුදු සෙනෙහේ රන් බෝපතක් සේ දිලේ හදමඩලේ ගුණ මහිමේ සුදු නාමලක් සේ පිපේ දරුවන්ව සනසන්න දුක් වින්ද පියතුමනි බුදු වන්න පින් දෙන්න ඉඩ දෙන්න පියතුමනි පියතුමනි පා වඳිමි සැමදාම ඔබ වාසනා සංසාරයේ වාසනා මේ මිහිතලේ...

Similar Songs