Skip to content

Lyrics

සිංහල
පොළොව හඬනා වේදනාවක උණු සුසුම් මගෙ ඇඟිලි දවනා අකුණු ගිගුරම් විලාපය මැද රාජ සිහ නටඹුන්ව වැටුනා මලානික පුලතිසි අහස යට අපේ ප්‍රේමය හිස ගසා දමලා මගේ සුගලාවියන් මතු දා (සමුදුරින් එතෙරකට නික්මෙනවා… ) නුඹේ මතකය දවාලන්නට මගේ සුසුමන් නිවාලනු නොහැකී වියරුවෙන් අසිපතෙන් මදනල දෙකඩ වෙන්නට කපා හෙලනාවී යකුන් දමනය කරාලන්නට මහා මායම් මතුරනා දේවී නොදැක ඉන්නට හැකිද මා හට (මගේ සිත් රජදහන මායාවී... ) මහා දළඳා වඩාමන්නට සව් සියක් නැව් තනවනා ලෙසිනී ප්‍රේමයත් ශෝකයත් නුඹ ලඟ සිහින තනවා තනිව ඉනු නොහැකී වීර වඩවන මහා දැහැනක කඩවරිඳු දුන් වරම් ගනු නොහැකී හවස් වරුවක සයුරු තොට ළඟ (නුඹේ රුව මට මැවි මැවී පෙනුනී... )

Similar Songs