Skip to content

Lyrics

සිංහල
තට්ටු දෙකයි බෝගම්බර හිර ගෙදර බිත්ති වලට සවි කර ඇත යකඩ දොර යුක්තිය පමුණන විසඳන නඩුකාර අච්චු කළා නිසි අවුරුදු සිර බාර (බෝගම්බර හිර ගෙදර... ) පිඟාන අරන් මට පෝළිමේ යන්න වුණා කට කපලා දෙන බත් පත කන්න වුණා පැදුර අරන් මට බිම බුදියන්න වුණා සිහිවෙන විට දුකයි පවුලේ සියළු දෙනා (බෝගම්බර හිර ගෙදර... ) නුවර වැවේ තාවුල ඇති දළදාවේ තේවා හඩින් මගේ සිත තව කම්පා වේ කළ පව මතක් වී මගේ හද කම්පා වේ අම්මේ නුඹව හීනෙන් මම දැකගන්නේ (බෝගම්බර හිර ගෙදර... ) තට්ටු දෙකයි.....

Similar Songs