Skip to content

Lyrics

සිංහල
කාටවත්ම නැති තරම් ආදරෙයි කියා කාටවත්ම වැඩියෙන් මා සිත රිදව්වේ ඔයා කවදාවත් මා හඬවා යන්නේ නෑ කියා ඔයා මගෙන් වෙන් වෙලා යන්නටම ගියා... (ආදරේ ආදරේ ආදරේ මං ආදරෙයි..... ) කවුරුද දැන් ඔයා ළඟින් තනියට ඉන්නේ හැර ගියදා සිට මාගේ දෑස හඬන්නේ (ගෙවෙනා හැම මොහොතක් ගානේ ඔබ සිහිවෙන්නේ.... ) ඔයා දුන්නු දුක විතරයි මගේ ළඟ ඉන්නේ... (ආදරේ ආදරේ ආදරේ මං ආදරෙයි..... ) මා දෑසේ පිරුණු කඳුළු බිඳු ඔබ නෑ දුටුවේ ඔහු තුරුලේ හිඳිමින් ඔබ මට රිදවන්නේ (ආදරයේ දුන් හිත මට අද දුකමයි දෙන්නේ... ) ඒ වුණාට තරහක් නෑ මා මගේ රත්තරනේ... (ආදරේ ආදරේ ආදරේ මං ආදරෙයි..... )

More by Vihanda Jayamaha

View all songs by Vihanda Jayamaha →

Similar Songs