Skip to content

Lyrics

සිංහල
ශිෂ්‍යත්වය සමත් වෙලා මං ආවේ මේ නගරෙට මෙහේ ඉන්න බෑ අම්මේ මට ඇවිත් මාව එක්ක යන්න මගේ ලස්සන පුංචි ගමට....... වක්කඩ ළඟ තිත්ත පැටව් බලාගෙන ඇති මං එනකං තනි රෝදේ මගේ කරත්තයත් වැස්සට දැන් තෙමෙනවා ඇති ඕවිට ළඟ වෙරළු ගහේ ගෙඩි ඉදිලා අතු බරට ඇති මගේ සුරතල් බලු පැටියත් දුක දැනිලා හඬනවා ඇති....... තේ ටික දැන් අප්පච්චිට වෙලට ගිහින් දෙන්නේ කව්ද අම්මා ගොයම් කපනදාට නංගී බලා ගන්නේ කව්ද හැන්දෑවට වැවබ රවුමේ සීයා එක්කලා යන්නේ කව්ද පහන තියන්නට අත්තම්මට මල් නෙලාන එන්නේ කව්ද....... ශිෂ්‍යත්වය සමත් වෙලා.......

Similar Songs