Skip to content

Lyrics

සිංහල
ඔබ ගින්දර දළු පිරිච්ච උණු ලෝ දිය පොදි ගැහිච්ච සුදු ලස්සන හිම වැටිච්ච ගිනි කන්දක් නම් පියලි පුරා ගිනි හැලිච්ච කොළ ගානට මල් පිපිච්ච ඔබේ රුවට වහ වැටිච්ච මල් අත්තක් මං.... ඔබ දියවැල් සුළි පිරිච්ච සුදු කෙකටිය මල් පිපිච්ච මතුපිට නිසලව පෙනිච්ච ගංගාවක් නම් ඒ ගඟ දිය මත වැටිච්ච සඳ දිය කැන් දහරක එතිච්ච ගත විනිවිද සිත පිරිච්ච මුදු සිහිලක් මං... ඔබ අනුරාවෙන් පිරිච්ච බැල්මෙන් සියොළඟ වෙලිච්ච දුටු දුටු තැන නතර වෙච්ච නිල් දෑසක් නම් ඒ දෑසින් බිම වැටිච්ච කොපුල් තලා මත රැඳිච්ච කියන්න බැරි දුක පිරිච්ච කඳුළු බිඳක් මං... ඔබ ගින්දර.....

Similar Songs