Skip to content

Lyrics

සිංහල
සුරතල් නංගියෙ අපෙ අම්මා ඇඟ ලේ කැටි කිරි කර නම්මා පොඩි අවධියෙ අපහට පෙව් හින්දා අම්මට මම වැන්දා... අයියා කීවා මට හරි නෑ තාත්තා අම්මට වැඩිය අගෙයි නිතරම අප ගැන වෙහෙසෙන හින්දා පියාට මම වැන්දා... නංගී එය හිතුවොත් වැරදී එතකොට නංගීට පවු සිදුවෙයි ඔබ පොඩි කාලේ හුරතල් බල බල අම්මා දුක් වින්දා... තාත්තා දොදොලුත් දෙන්නේය දුන්නම අයියත් කන්නේය මදිවී තව ඉල්ලන්නෙත් අයියයි බැන්නෙත් අද අයියයි... දොදොල් තියා මොනවා දුන්නත් මෝඩියෙ කොපමණ උඩ පැන්නත් අම්මා පියාට වැඩිය හොඳයි මට නංගියෙ ඔබ බැන්නත්... නැටුම් බලන්නට එදා ගොසින් මිනිස්සු වට වී හිටිය නිසා මාව වඩාගෙන පෙන්නුවෙ අයියේ තාත්තා නොවෙද මගේ... නංගීගෙ තාත්තා කළුම කළුයි අපෙ අම්මා නම් සුදුම සුදුයි එබැවින් අම්මා පියාට වැඩියෙන් සුදු පාටින් ඉහළයි... අයියේ සුදු නම් ලස්සන ද?පොල් බෑයත් හරි සුදු නේද එහෙනම් අයියට සැමටම වැඩියෙන් ලස්සන පොල් බෑයයි... නංගී හොඳ නෑ දඟ කෙල්ල කොයි දේකටවත් නැහැ මෙල්ල අම්මා ඔබ හට ලෙඩ සෑදුන විට කඳුළු සලා හැඬුවා... ඔය වචනය අයියේ හරියෑ අඬන්න නම් කාටත් බැරියෑ දවසක් අයියත් දොර ළඟ වැටිලා හූ තිය තිය ඇඬුවා... අපි මෙය දැන් බේරා ගනිමු සිරි අයියාගෙන් ගොස් අසමූ අම්මද තාත්තද හොඳ කියලා එතකොට සිරි අයිය කියයි... ඔව් ඔව් මම ඒකට කැමතී සිරි අයියල මේවා දනිතී යමු යමු අයියේ යමු යමු අයියේ සිරි අයියා ළඟටා... සිරි අයියේ කරුණක් අසමි අම්මද තාත්තද වැඩිය අගේ කරුණාවෙන් සිරි අයියා අප හට ‍බේරා දෙනවාද? අම්ම හොඳයි කිවුවත් වැරදී (හූ) තාත්ත හොඳයි කීවත් වැරදී (හී) එබැවින් නංගීයෙ මල්ලියෙ පවසමි දෙන්නම හොඳය කියා...

Similar Songs