Skip to content

Lyrics

සිංහල
සඳ නැති රෑ නෙතු මඬලේ පිපුණු මලේ සුවඳ හමා නුඹ සොයනා ඒ ආදරේ අරුත හැඟේ මට ළඳුනේ සොයනු දැනේ සසල සෙනේ...... කලක් පුරා ඈ සිතුවිලි අමුණා රැය ගෙවනා අයුරු මනසේ මවනා හිරු දැවෙනා වීදි පුරා ඇය සෙවු දේ නෙත ගැටුණා නුඹ සොයනා ඒ ආදරේ අරුත හැඟේ මට ළඳුනේ සොයනු දැනේ සසල සෙනේ...... සැන්ඳෑ යාමය එළඹෙන මොහොතේ වත්සුණු තවරා පෙර මං බලනා ගත වෙහෙසා රැඟුම් රඟා හෙට දවසේ පසුතැවෙනා නුඹ සොයනා ඒ ආදරේ අරුත හැඟේ මට ළඳුනේ (සොයනු දැනේ සසල සෙනේ...... )

Similar Songs