Skip to content

Lyrics

සිංහල
කඳුළින් මේ දෑස පොඟවා සැඟවීලා යන්න මත්තෙන් රහසේ ඔබෙන් සමු ගන්නත් කඳුළු දරා මේ දෙනෙතින් තනි වී දුක් සුසුම් දරා හිඳින්නම් ඔයා වෙනුවෙන් ඇයි මා හට ආදරේ කළේ අදටත් නොදනී මා නම්....... දුර අතීතයේ හීන ගල් ගැසී සුසුමේ දුක් විඳිනවා වේදනාවන් උරුම කර දී කව්දෝ නෙතු හොයනවා ඔබ ගැන තැවිලා දොස් පවරා පල නැති බැව් දන්නවා දුක උහුලන් මා ඉන්නම් යන විට ඔබ වෙන් වෙලා ඔබ වෙන් වෙලා දැන් යයි කියා සිත කියනවා....... කඳුළින් මේ දෑස පොඟවා සැඟවීලා යන්න මත්තෙන් රහසේ ඔබෙන් සමු ගන්නත් කඳුළු දරා මේ දෙනෙතින්........ කී කාරණා මුසාවක් වෙලා සිත තුළ දුක් විඳිනවා ජීවිතෙන්ම මං පෙම් කෙරූ නිසා මෙතරම් දුක් විඳිනවා පැතුමන් ගැනලා හැඟුමන් මැකිලා තනිකම් දොස් විඳිනවා දුක උහුලන් මා ඉන්නම් යන විට ඔබ වෙන් වෙලා ඔබ වෙන් වෙලා දැන් යයි කියා සිත කියනවා....... කඳුළින් මේ දෑස.......

Similar Songs