Skip to content

Lyrics

සිංහල
රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා රන් රසේ එක් වන ලෙසේ වෙණ නාද නූ පා තබ තබා කම් පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් සබා මම් කෙසේ පවසමි එසේ වර සුර ළඳුන් දුන් රඟ සොබා පුන් මදාරා මල් දමින් මුදු දිගු සුනිල් වරළස ගොතා මන් මදා කිතු ළිය ලෙසින් උර තුර සරා දිලි මුතු ලතා මන් නදා වන මිණි මෙවුල් නද වෙණ නදින් එක් කොට ඉතා උන් එදා දුන් රඟ දුටොත් තව සක් සැපක් කවරෙකු පතා පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මෙන් මන් බැඳී ළඹ සවන් දිගු රන් පසින් වන නෙත් නුවන් බඳිමින් තදේ මඳ පවන් වැද ළෙල පහන් සිළු මෙන් රැඟුම් දෙන රන් බඳේ දිළි ඔවුන් රූ සිරි නුවන් වන් - බඹු වුවත් දැහැණින් මිදේ

More by Susil Premarathne

View all songs by Susil Premarathne →

Similar Songs