None Mage Sudu None
Lyrics
සිංහල(නෝනේ මගේ සුදු නෝනේ අලි වැඩේ මෙමට වුණේ...
)
බස් එක මගදී කැඩුණා ඒකයි මම පමා වුණේ
(අන්න ඔබේ පරණ පොත මම එය කියවා ඇත....
)
තමාගේ බිරිඳට ඔය බොරු කියනා එකයි කැත
(ඔයා පිළිගන්නේ නැද්ද මගේ නැහැ කිසි වැරැද්ද...
)
පුතාට ටොපි ගෙනාවා දැන්ම පොඩි පුතා නිදිද
(නැති බොරු සෙනෙහේ පපා අප රවටන්න එපා...
)
කාටගොන්නක් බීගෙන මින් පසු මෙහි එන්න එපා....
ඇත්තම ඔයාට කියන්නම් ඔයා එය පිළිගන්වන්නම්
මිතුරෙක් අඬගැහුවා පොඩි අඩියක් ගැහුවා
ඕකත් ලොකු වරදක්ද
මිතුරෙක් අඬගැහුවා ග්‍රැම් දෙක තුනක් දැම්මා
ඕකත් ලොකු වරදක්ද....
මොකටද ඉතින් මගේ කට ලැජ්ජා නැද්ද තමුසෙට
(බස් එක නතර වුණේ මිතුරා අඬගැසුවේ
තැබෑරුමක්ම ළඟඳිද.....
)
තරමක් ලේසිය දුන්නා නෝනා මගේ කරටම එන්නා
(ඔව් මම අඩි ගැහුවා පරක්කු වී ආවා
නෝනා දැන් කියන්නේ මොකද.....
)
අනේ ඔයාගේ ලේසිය ඔයාලටමයි වාසිය
(ළමයි බලන්න ඕනේ රෙදි සෝදන්න ඕනේ
තනියෙම අපට කරදර......
)
ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි
ඔහේලට උරුමයි එය දැනගත්තොත් කදිමයි
අනේ ඔහේලට උරුමයි එය දැනගත්තොත් කදිමයි
ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි....
ඔයා කියන්නේ අපි දුක් විඳන්න ඕනේ
ඔහේලා විවාහ වෙන්නේ
ඔහොම කියලද අනේ ඔයා කසාද බැන්දේ
ඔහොම කියලද අනේ
ඔයා කියන්නේ අපි දුක් විඳන්න ඕනේ......
අනේ කිරි පිටි හොයලා පෝලිම් වල දුක් විඳලා
ලොක්කට වැඳලා තමයි එන්නේ බේරිලා
අපේ බොසාට වැඳලා තමයි එන්නේ බේරිලා
කිරි පිටි හොයලා පෝලිම් වල දුක් විඳලා
පෝලිමේ මැද හිටියට පාඩු වෙනවද
ඒ තරුනියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද
අනේ තරුනියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද
පෝලිමේ මැද හිටියට පාඩු වෙනවද.......
කරුමෙට ඔය කට තමුසෙට ලැබුණට
කැත කට හතරට ඉරණට හිතෙයි මට
මගේ කට හතරට ඉරණට හිතුවට මේ මට
දෙන බැට තමුසෙට වැදෙයි හෙට
දුවේ පුතේ මා කියනා දේ අහගන්න
කඳුලක් නැති තැන සිනහව ඇත්ද බලන්න
දෙන්න කන්න දෙක සමබර ඇති නම් ඔන්න
(විවාහ ජීවිතය සරුයි අද දැනගන්න...
)
දෙන්න කන්න දෙක සමබර ඇති නම් ඔන්න.....
More by Sunil Perera
View all songs by Sunil Perera →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )