Skip to content

Lyrics

සිංහල
මං ලොවේ සුපෙම් ළඳක් යෞවනේ බඹරෙකුට සිත ඇදී මහ බඹුන් කෙටූ ලෙසින් දෑඟිලි රන් හූයෙන් බැඳී... හිරු රජුන් අහස් තලේ ප්‍රේමයෙන් සඳ රැජිණ හා වෙලී එක්වුණා පෙරුම් පුරා රන් රසේ හා වුණා ලෙසින් තුරු හිස මල් පිබිදේවි කිරි සයුරද කැළඹේවී සුබ නැකතද එළඹේවි අපගේ මංගල්ලේ... ගස් පුරා ඵලයි මලයි සිත් සතන් තුටින් හැඟුම්බරයි දොර දොරේ පහන් වැටයි ආසිරි ගීතිකා ඇසෙයි තුරු හිස..... මගේ ලොවයි ඔබේ ලොවයි වෙනස් වී දැන් අපේ ලොවයි මගේ සිතයි ඔබේ සිතයි එක්වෙලා ඇත්තේ එක සිතයි...

More by Sunil Malawana

View all songs by Sunil Malawana →

Similar Songs