Skip to content

Lyrics

සිංහල
උඩ පැන පැන බලු පැටියා වැස්සෙ තෙමෙන වෙලාවේ දඟ වැඩ නැති සුරු කිටියා හොඳටම නිදි කාමරේ... හේ... හේ... හේ.... පොඩි පොඩි කැට පේළි පේළි අහසෙ ඉඳලා ආවලු හරි හරියට තිත්ත පැටව් වැස්ස දැකලා නැටුවලු... හේ... හේ... හේ.... සමනලයගෙ පාට පාට අත්තටු වල ගෑවිලා බෝල කූඹි රංචු ගැහී වැහි පාරට බේරිලා පුල්ලි හඳයා පේන්න නෑ හැංගිලාද ආච්චියේ ලොකු අක්කගෙ රෝස පැලේ නටුව කැඩී පෝච්චියේ... හේ... හේ... හේ.... හමන්නේ හමන්නේ සුළං සැරට හමන්නේ නැවෙන්නේ කැඩෙන්නේ ගස් වල කොළ වැටෙන්නේ වෑස්ස දාට වෑස්ස දාට... නාරං නාරං අතු වල ගෙඩි පුංචි පුංචි අහුලා ගම්දෝ අම්මා මට බනීදෝ... හඬන්නේ හඬන්නේ අහස ඇයිද හඬන්නේ තෙමෙන්නේ තෙමෙන්නේ අපි වැස්සට තෙමෙන්නේ වෑස්ස දාට වෑස්ස දාට... පායනා කාලෙදී අපි වැස්සම හොයන්නේ වහිනා කාලෙට නෑ එළියට බහින්නේ...

Similar Songs