Skip to content

Lyrics

සිංහල
ඔබදුන් සෙනෙහේ අදටත් පපුවේ ඇවිලෙනා පහන් සේ දැවෙනවා සඳ සේ පායා ඔබ උන් මනසේ කළුවරේ ආදරේ තියෙනවා හදවතේ හුස්ම ඇතිතෙක් ඉන්නවා ඔබ වෙනුවෙන් ආදරෙන් මග බලා රත්තරනේ නුඹ එනකල් පෙම්වන්තිය වෙන්න කලින් එනවාදෝ ආයෙමත් ආසයි නුඹේ ආදරේ විඳලා මිය යන්න මං කිසිදා හද සන්තකේ ඉඩ නෑ වෙන කාටවත් ඔබටයි මං ආදරේ සත්තයි මගෙ රත්තරන් දෑසින් වැටෙනා කඳුලක් පාසා ඔබේ රූපේ හිතේ මැවෙනවා සිහිනෙන් ඇවිදින් ඔබගේ මොහොතේ මතක මල් පරවෙලා වැටෙනවා හදවතේ හුස්ම ඇතිතෙක්.... පෙම්වන්තිය වෙන්න කලින්.... මියෙනා තුරා මා ඔබගේ

More by Sithara Madushani

View all songs by Sithara Madushani →

Similar Songs