Skip to content

Lyrics

සිංහල
පෙම් කතාවක රහසේ කිමිදෙන්න සිටී හද මාගේ අයදින්නේ මා ප්‍රේමීගේ ආලේ වැටහේවිදෝ සඳේ මසිතේ ඇඳී පෙම් සිහිනේ දුර ඈත නිල් ආකාසේ වලාගැබක සැඟවුයේ අපගේ පෙම් මාළිගේ... මේ සිහිනේ සිත්තරාවියේ පෙම් පාටින් වර්ණවත් කළේ සා‍යම් තව නෑ වේලුනේ හැඬූ කඳුලින් දියවෙලා ගියේ... සඳේ නුඹෙ සුසුම් පොදක් මා සසරම ඔබ නතුකළා නිමේශෙක සිනා බිඳක් මා නෙතු තුළ සදා රැඳුනා මේ ජීවිතේ ඒ තප්පරේ ගෙවී නොගියා නම් මා පැතූ සේ ළංවෙලා ඔය නෙතු බලාලා ඒ සුවෙන්ම මා මියැදෙන්නම්... සංසාරෙන් සංසාරයේ පෙම් රාවෙන් මා පිනවූයේ ගී නාදෙන් මා ගෙතු ගී වැල් කිම නුඹට නෑසුනේ... පෙම් කතාවක රහසේ... මේ සිහිනේ...

More by Shenal Maddumage

View all songs by Shenal Maddumage →

Similar Songs