Wesathuru Sirithe
Lyrics
සිංහලවෙසතුරු සිරිතේ පෙර හුරු පුරුදු ලෙසේ
සුමිතුරු වෙස් ගත් ගමනක යෙදෙමු මෙසේ
බුදු හිමි දෙසු දම් අමා ගඟේ
පිහිනමු පිහිනමු නිවන් සැදේ
යහගුණ වඩනා ගමනක යෙදෙනා
සදහම් ගුණ ගී මුව මුව මුමුනා
නැතිබැරි මිනිසුන් වෙත මෙත පාමින්
හිරු සඳු අතරේ හිනැහෙමු සාමෙන්
සෙනෙහස දල්වා නැණ මල් පුබුදා
හසරැලි නංවා ලංකා දීපේ
සාමය සමගිය පිරිපුන් හදවත්
සදා රකිමු අපි සදහම් දීපේ
වෙසතුරු සිරිතේ පෙර හුරු පුරුදු ලෙසේ
සුමිතුරු වෙස් ගත් ගමනක යෙදෙමු මෙසේ
බුදු හිමි දෙසු දම් අමා ගඟේ
(පිහිනමු පිහිනමු නිවන් සැදේ)..
Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Awurudu Kale
Lionel Ranwala
Sindu
මේ අවුරුදු කාලේ සිනහ වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ දොං තරිකිට කැත්ත...
Pem Heena
Kavindya Adikari
Sindu
පෙම් හීන මල් පිපෙනා මාවතේ අපි ආදරෙන් උන්නු කාලයේ ඔබෙන් පෙම්කතා ඇසුණා හදේ රූ රටා...
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )