Skip to content

Lyrics

සිංහල
මිතුරියේ මට තවමත් මතකයි අපි එදා මිතුරන් සේ හමු වූ දා ඔබේ ඔය දෙනුවන් මුල් වර මා දුටු දා මට හැඟුණා ඔබ මට හිමියි කියා අප දෙදෙනා මුණ ගැස්වූ ඒ දිනේ මට සිතුණේ ඔබ සදා මගේමයි කියා මම නෑ සිතුවේ එදා ඔබ මා හැර යයි කියා ඔබ හට මා තුළ වූ ආදරේ සදා පූජනීයයි මා හදේ... ඔබේ ඔය කෙළිලොල් සිනහව මා හදේ සදා රැව් දෙනු ඇත මගේ මිතුරියේ මේ ජීවිතයේ ඔබ නැති නම් මා හදේ පලක් වේදෝ මගේ මේ ආදරේ මගේ මුළු ජීවිතේ පුරා මම ඔබටයි ආදරේ ඔබ ළඟටම වී ඉන්නම් සදා මා දිවි ඇති තුරා මම නෑ සිතුවේ එදා ඔබ මා හැර යයි කියා ඔබ හට මා තුළ වූ ආදරේ සදා පූජනීයයි මා හදේ... මම නෑ කිසිදා ඔබේ ඔය හද රිදවා මම නෑ කිසිදා ඔබ මගේ නොවෙයි කියා ඇත්තමයි මම ඔබටයි ආදරේ සත්තමයි ඔබගෙයි මගේ ජීවිතේ මම ඔබටම පමණයි ආදරේ මා මුළු හදින්මයි ඔබ පමණයි මගේ ජීවිතේ මා ඔබ පතා නෙතු දල්වා ඉන්නම් සැමදා...

Similar Songs