Skip to content

Lyrics

සිංහල
මේ අහසට සඳ එනවා අපේ ගමට සේම අහස උසට තැනු මැදුරු සඳ වටකර බොහොම සිත් අහසට නුඹ එනවා ඒ සඳවත සේම මූදු හතින් ඈත වුණත් සිතින් ළඟයි තාම....... ඉසුරු නොමැති වසන්තයට ඉසුරු අරන් එන්න නුඹ තනිකර මං ආවා දුරු රටකට මෙහෙම අපි ඈතයි ඒ වුණාට ඈත් වෙන්නේ කොහොම සිතුවිල්ලෙන් ළඟ පාටයි ඉස්සර වාගේම........ මේ අහසට....... ඉර අවරට හැරෙනා විට රෑ වැඩ මුර එන්නේ නිදි නැති රෑ සිහිනෙන්වත් කොහොමද ළං වෙන්නේ කඳුළු නෙතට නුහුරුයි ඒ නිසා නෑ හඬන්නේ සොඳුර අපේ ජීවිතයට කවදද සඳ එන්නේ...... මේ අහසට......

Similar Songs