Skip to content

Lyrics

සිංහල
සිත තනිකම දැනෙන වෙලේ කවුරුද මා මතකෙට එන්නේ නුඹයි සිතේ තනිය මකන්නේ නෙතු පියවිලි අතරට මා කවුරුද මේ කඳුළු ගෙනෙන්නේ නුඹයි නෙතට කඳුලැලි දුන්නේ (සිතුවේ මගේමයි කියා ආදරෙන් උන් නිසා නෙතට කඳුලක් තියා නුඹ හොරෙන් දුර ගියා... ) (ඉන්න බැරි නම් සදා උන්නේ ඇයි ලං වෙලා සිතත් තව හඬ හඬා නුඹව තව සොයනවා... ) ඉන්න බැරි නම් ඔබෙන් තොර දැන් එනවා නම් ආයේ සෙනෙහස අරන් පාළුවේ හඬන සිත ළඟ තවත් සෙනෙහේ පිරුණේ නුඹගේ නමින්... (නෙතු නුඹව සොයනවා කොතැන ඉන්නෙද කියා කඳුලු මැද බොඳ වෙලා නුඹේ රූ මැවෙනවා... ) ආයේ එන්නම හිතක් නැතුවා නම් හොඳයි තනිකම් මියෙන තුරුම මං (මටත් හැකි වෙයි මිදෙන්නට ඔබෙන් මතක අමතක වෙලා යනවා නම්... )

Similar Songs