Skip to content

Lyrics

සිංහල
පිනි වැසි අතරේ මැවුනු සිනාවක් අද මා සිත රවටා කියාගන්න බැරි ආදරයක් ඇත මා ඔහු හා තනිවීලා ආලයකින් පිරි මාගේ හදවත ඔහුගේ රිද්මය හා ගැහෙනා තනිකම මකන්න කාලය හරි දැන් ආදරයක් ඇතිවීලා දඟකාරකම් හැඩකාරකම් මා සිත ඇද බැඳ ගන්නා මනමාලකම් තව පානකම් මා රෑ නොනිදා බලනා ස්වේත මීදුමේ ගුලිවී අද මම ඔහුගේ උණුහුම තව සොයනා මායම් පිරිච්ච කුළුඳුල් හීනේ සතුටින් අද පියඹනවා ආදරෙ කරන්නෙ ඔබටම හින්දා ඉරිසියාවක් ඉපදීලා තරහ රණ්ඩු වී ආයෙ යාළු වී ඉන්නේ ඔබ මගෙ හන්දා (දඟකාරකම් හැඩකාරකම් මා සිත ඇද බැඳ ගන්නා මනමාලකම් තව පානකම් මා රෑ නොනිදා බලනා)....

Similar Songs