Skip to content

Lyrics

සිංහල
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම බක්මහේ කොවුල් බින්ජු පුපුරණ දාක නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම තනේ කඩා විසිකර පත්තිනි වී නම් අනේ හාමතේ අපි මැරිලා එහෙනම් වනේ පාරන්නේ වන පල විස වී නම් නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්! සතා කියා ඉඳහිටක දි ඇහුනාට කතා හදන උන් සේරම බෝසත් ද යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට කතන්දර එපා! වැඳපන් අම්මාට දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා ලොකු හාමුදුරුවො අණකර බන පද එව්වා මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා අපේ අම්මා බන කතාවක් බුදුගෙයි ලිව්වා රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා මත්වුණු බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා සතා කියා ඉඳහිටක..

Similar Songs