Skip to content

Lyrics

සිංහල
සෙනෙහසින් අප නිසා වෙහෙස උහුලලා කිසිවකින් කිසිමදා හිතට නොරිදලා ඇස් දෙක වගේ ළඟ තියා ඇති දැඩි කල රැකබලා ඔබ මෙලොවින් නික්මුණා අපි ඔක්කොම අඬවලා කඳුළකින් නොමැකෙනා රුව හිතේ තියා දෙවියෝ මං අදහනා මගේ තාත්තා අත ගා හිස කියලා මගේ ඇස් දෙක පාදා නොපමාව ම වරදට මට එදිරිව ඉඳලා රැව්වට රිද්දෙන ඔය දෑස තෙත් වන්නේ මහා නෙතු සඟවා මා අත නලවන්න නින්දේදී නොදැනෙන්න මා හෙමින් ඉම්බා නිතරම දැනෙනා මතකෙට නැගෙනා ඔබ නැති අඩුවෙන් මේ ලෝකෙම අඳුරේ අද ඔබ නැති අඩුවේ සෙනෙහසින්... හැමදා දුක අපේ දෑසට ඈතින් තියලා සිනහා සුව ගෙන එන්නට ඔබ දුක් වින්දා දුටු හීන ඉටුවෙන්න කල් එන්න කලියෙන්ම ජීවිතෙන් යන දා අපි දැව්ව දුක් කඳ ඒ පාලුවෙන් ඒ ගින්න නෑ නිමක් කිසිදා නිතරම දැනෙනා... සෙනෙහසින්...

Similar Songs