Skip to content

Lyrics

සිංහල
කොළොම්පුරේ ශ්‍රියා බොහොම ලස්සනයි කොළොම්පුරේ ශ්‍රියා ශ්‍රියා... පිටකොටුවද මේ අනේ කඩසාප්පු බොහෝ තිබේ පාරේ මැද පීලි උඩින් ට්‍රෑම් කාර් යනවානේ මහා පුදුමේ මේකනේ තට්ටු දෙකේ බස් යාමේ ඒ පාරෙත් මේ පාරෙත් හරව හරව යනවානේ කොළඹ ජැටියටා යමු නැව් බලන්නටා බොහොම ලස්සනයි කොළොම්පුරේ ශ්‍රියා ශ්‍රියා... කොළොම්පුරේ ශ්‍රියා... හන්දියේ අර හිටන් ඉන්න රාළහාමී ගේ අත්දෙක මැෂින් එකක් වගේ නිකන් අර පැත්තට මේ පැත්තට හරව හරව පිටි පස්සට කාර් ලොරි බර කරත්ත බස් ඉස්ටොප් වෑන් එකත් මෙතන වදේ හරි ජරමර... මොකද බොලේ මේ තරමට සෙනඟ බීච් එකේ අපේ ගමේ නාඩගමක් ඇවිල්ලද මෙහේ කලිසම් ඇඳ බයිසිකලේ තරුණ තරුණියෝ ලැජ්ජ නැතිව යනවා මොවුන් ගෝල් පීස් එකේ හෝ ගාන පොකුණටා යමි පා තෙමන්නටා බොහොම ලස්සනයි කොළොම්පුරේ ශ්‍රියා ශ්‍රියා... කොළොම්පුරේ ශ්‍රියා...

More by Ruwan Sri Lal

View all songs by Ruwan Sri Lal →

Similar Songs