Skip to content

Lyrics

සිංහල
විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා දුර බිම් තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා මහ කැලයේ වැද්දන් දැක ගත්තා වැද්දන් ඇවිදින් අප සැම පිළිගත්තා ප්‍රීතියෙන් (ඕයියේ ඔජායේ...... ) දුන්නයි ඊතලයයි ගෙට එළිය ගෙනල්ලා ආයුධ වලින් කරන ශිල්ප පෙන්නුවා මී පැණි පොවලා මුව ගෝනමස් වදාලා කෑමත් දීලා සංගීතයක් දමාලා වැදි ගී කියමින් පොඩි නැටුමක් නැටුවා ප්‍රීතියෙන් (ඕයියේ ඔජායේ...... ) නායක වැද්දාගේ දුව ගෝමරී හැඩකාරී නගරේ නෑ කෙල්ලෙක් දැක්කේ ඒ වාගේ බැඳුණත් සිත මට කරගන්නට ඈ භාරී මට බය හිතුණා ඈ හරි කටකාරී ආශා හිතුණා ඈ කියු ගී මිහිරි නෑ කිසි භේදේ සමගිය හා සහයෝගේ වැද්දන් අතරේ මේ ගුණදම් ඇත්තේ නගරේ අප අතරේ ඇයි සමගිය නැත්තේ ඒ ගැන සිතමින් මම එන්නට ආවේ තාමත් රැව් දෙයි ඒ වැදි ගී නාදේ (ඕයියේ ඔජායේ...... )

More by Rukshan Mark

View all songs by Rukshan Mark →

Similar Songs