Skip to content

Lyrics

සිංහල
මතක විතරක් මගේ ළඟ තියෙනා දුරක ගියදා තනිව නෙතු දකිනා එකම හීනය යළි දකින්නට මගේ නෙතු හැඬුවා වරින් වර තැවුණා... ජීවිතේ නුහුරු නුපුරුදු තනිකමක වෙලිලා ගෙවී යන මේ දවස් අතරේ ඔබේ රුව මැවුණා යළිත් උණුසුම් නොවන පපුතුර රිදුම් දී නගනා සුසුම් කෙනෙහෙලි හඬට සවන (පුරුදු වී තිබුණා... ) මතක විතරක් මගේ... ආදරේ සියුම් රිදුමක් විඳවනා මගේ හිත දවනා තබා මහමෙර පරදවන දුක මගේ හිත මත්තේ ඔයා හිනැහුණේ කෙලෙසකද යළි කියා මා සෙව්වා හිතේ පාරා යළිත් මතකය (රිදුම් ගෙන ආවා...) මතක විතරක් මගේ...

Similar Songs