Skip to content

Lyrics

සිංහල
රන් සමනල ජෝඩුව වාගේ අපි දෙන්නා මේ මල් පාරේ පාසල් ගිය කාලෙ හිතේ නැද්ද ඔයාගේ අද ඇයිදෝ මේ තනියම යන්නේ මං එනතුරු නැද්දෝ ඉන්නේ... මූන කැතයි කියලා ඔයාගේ බොරුවට මම කියපු වෙලාවේ තරහා වෙලා යන්න ගියා දැන් සතියක් ගෙවිලා ගියා අදවත් ඇයි හිනා නොවෙන්නේ හෙටින් පස්සේ නිවාඩු කාලේ... වෙනදට උදයම මැයි ගහ අද්දර මග බල බල ඔබ ඉන්නවා එනතුරු මා දැන් ඔයා කිපීලා පාරේ යනු බලාලා වේදනාව හිතේ පිරෙන්නේ ආයෙත් නෑ විහිළු කරන්නේ... රන් සමනල ජෝඩුව... සෙල්ලම ලෙල්ලම වෙනබව නොදැනයි මේ වගෙ ළමයො මම නම් විහිළු කලේ ඇයි අශෝකමාලා ඔය වාගේ කෝපවීලා ඉක්මනටම වයසට යයි නේ නැත්ද ඔයා මේ බව දන්නේ... රන් සමනල ජෝඩුව...

Similar Songs