Skip to content

Lyrics

සිංහල
මා සිත හඩනා අයුරු බලා සඳ තරු වැලපෙයි රෑ පුරා ඔබ නෙත් ලඟ මා කීව කතා සිහිවෙයි මතකය දෝරෙ ගලා සොඳුරියෙ ඔබෙ සිත බොලඳ වෙලා වෙනතක පැටලී මටත් හොරා ඔබ පිරු පෙරුමන් රෑ දිවා හදවත පාරයි වේදනා.... හසරැල් දෙන්නී පැතුමන් දෙන්නී මායවේ මා සතපන්නී කඳුලැල් දෙන්නී සුසුමන් දෙන්නී මායවේ මා විඳවන්නී... ඔබ මාගෙ ජීවේ සතුටයි කියා මා හද කියන්නේ සෙනෙහස නිසා ඔබ දුන්නු කඳුලැල් මේ වේදනා ඔබ හට නොවේවා මතු දා සදා... භවයෙන් භවේ හමුවී මෙසේ මා සිත රිදවා සමුගන්න ඇතී මතු සංසාරේ හමුනොමවේවා රිදවා සමුගන්න ආයෙ මෙසේ... මා ලඟ සැරිසරනා වාරේ සඟවමි දුක කඳුලක් ගානේ ඔබ හට වේවා සැනසුම් සුසුම් ආයෙත් නෑ හදවත මානේ සමුදෙමි මා මොහොතක් ගානේ හදවත සුසුමන් බිඳ දා සදා....

More by Raj Derana G

View all songs by Raj Derana G →

Similar Songs