Skip to content

Lyrics

සිංහල
නුඹ නා මෙනෙවී මම සැළලිහිණී පණිවිඩය අරන් රැගෙන යමී මේ කැලණි නදී අසබඩ තුරෙහී සැනහී හිඳිමින් ගිම් නිවමි ගිම් නිවමි.. මනරම් නා මෙනෙවී මේ ලවැලි තලේ හිඳ මිණි වෙණ තත් මැද රුවට රුවේ ගයනා ගී මියුරු සරේ මේ ලවැලි තලේ මෙහෙවරත් මගේ මට අමතක වේ මේ ලවැලි තලේ මෙහෙවරත් මගේ මට අමතක වේ නිල් වරල සදා කඩුපුල් මලිනා දිගු නීල නුවන් දෙපසා ඉසිනා විඳිනා... ඔබ රූ රූසිරිය අගේ සැළලිහිණි වුනේ පෙර පවට මගේ රූසිරිය අගේ සැළලිහිණි වුනේ පෙර පවට මගේ නුඹ නා මෙනෙවී මම සැළලිහිණී පණිවිඩය අරන් රැගෙන යමී මේ කැලණි නදී අසබඩ තුරෙහී සැනහී හිඳිමින් ගිම් නිවමි ගිම් නිවමි..

Similar Songs