Skip to content

Lyrics

සිංහල
පාළු හිතට සිනාසෙන්න කියා දුන් ඔයා හිත අද්දර හඬා වැටෙන්නත් පුරුදු කළා රෑ සීතේ තනිකම මැද නිදි යහන පුරා කඳුළු බින්දු ඇහැරෙනවා ඔයා නැති නිසා....... (හීන ගානේ මගේ මේ හිත අරන් ගිය ඔයා කඳුළු පිරුණු තනි හීනෙක අතරමං කළා..... ) කඳුළු බින්දු මේ තරමින් උණුහුම්ද කියා කියාදුන්නේ ඔබමයි දෙනෙත් රවටලා...... පාළු හිතට...... (හිස් අහසේ රන් කහවනු සොයා ගිය ඔයා මගේ සෙනෙහේ ඔය හිත ළඟ සොච්චමක් කළා...... ) මගේ සුසුම් මේ තරමින් බර වැඩිද කියා කියාදුන්නේ ඔය හිතමයි දෙනෙත් රවටලා...... පාළු හිතට......

Similar Songs