Skip to content

Lyrics

සිංහල
සමු අරන් ඔබ රහසේ මගෙන් ගිය දවසේ සඳු පවා අහසේ හැඬුවා මම වාගේ ආයෙමත් පෙර සේ ඉන්න බෑ වාගේ තනි වුණත් මෙලෙසේ තරහා නෑ ළඳුනේ....... එදා සඳ මෙන් මගේ ලෝකය එළිය කළ ළඳුනේ අමාවක කර සැණෙන් නොකියම ඇයි දුරට ඇදුණේ ආයෙමත් පෙර සේ ඉන්න බෑ වාගේ තනි වුණත් මෙලෙසේ තරහා නෑ ළඳුනේ....... දුන්නු දුක මට වාවගනු බෑ හිතට එන ගානේ ඒත් ඔබමයි මතු පතන්නෙත් මගේ රත්තරනේ ආයෙමත් පෙර සේ ඉන්න බෑ වාගේ තනි වුණත් මෙලෙසේ තරහා නෑ ළඳුනේ....... සමු අරන් ඔබ.......

Similar Songs