Skip to content

Lyrics

සිංහල
පූජාවක් ආදරේ මා සිතනා පරිදි කවදාවත් නෑ සිතේ කිසි වෙනසක් ඉපදී ඔබ වෙන් වී යන්න ගියත් කියා මෙසේ නොරැඳී ඔය රූ නම් නොමැකේවී සදා මගේ සිතැඟි (දොසක් මා නොකියමී වැරැද්දක් නොපතමී ආදරේ කළ හිතින් වෛර මා නොකරමි... ) තේරුම් ගද්දී දෙන්නාට දෙන්නා කාලේ හුඟක් ගෙවිලා ගැලපුම් නොගැලපුම් සොයලා තනියෙන් තීරණේ කරලා නොගිහින් උන්නා නම් තව ටිකක් ඉවසලා පණ තියෙනා තුරුම මං ඔබ ළඟින් ඉන්නවා (දොසක් මා නොකියමී වැරැද්දක් නොපතමී ආදරේ කළ හිතින් වෛර මා නොකරමි... ) මොහොතක් ගානේ සිහියට නැගිලා උන්නේ මගේ කියලා අදටත් දෑස මේ තෙමෙනා මතකෙන් යන්න බෑ මිදිලා නොගිහින් උන්නා නම් තව ටිකක් ඉවසලා පණ තියෙනා තුරුම මං ඔබ ළඟින් ඉන්නවා.... පූජාවක් ආදරේ මා....

Similar Songs