Skip to content

Lyrics

සිංහල
ස්වර වරණ පරදා මෝඩ හිනා ඇහෙනා ස්වර හත රවටවා Jazz ගයන ළඳ මං (Jazz වයන ළඳ මං)... කරකැවෙනා මනසා රැය සරසා නේක ආස රස මම වින්දා දැන දැන රැවටවෙනා සිත රවටා රති සැපක සුබ මම වින්දා කුරුළු පියාපත් සිර කරලා නැත කුරුළු පියාපත් සිර කෙරුවා මම ඉගිලෙනු අකමැති Jazz ගයන ළඳ මං අඳුරෙ මත හෙව්වා ජීවිතේ පාට පාට දැවෙන ගතින් මිදිලා යන්නයි ඕනෙ ඈත වෙන්න මා මත් අමතක වෙන්න දැනෙන දුක ඉඩ දෙන්න එන්න සතුට නොබලන් මදෙස වෙසඟනක විලස දෛවයෙන් බැට කෑ සිත ඉකිබිඳියි ඇහුනද? දැනුනද? ඒ දුක මා සිත ගයන සිනාමුවින් මේ සංගීතය මැද එන්න මගේ අතගත් රාග ලොවකට යං ගිනි දැවෙන නග්න මුලු ගත සිපගත් ඇත මියැදුනු හීන ලමැද මැද එමට එන්න දෙන්න ඒවට පණ පිබිදෙන්න කාලය දෙයි සංගීතය මේ ජිවිතෙ ගයන ශෝක තනුව මං විය විඳින්නයි ඕනෙ ජිවිතෙ විඳවන්න නෙමෙනම් මට කුමටද රියැලැටිය ස්වර වරණ පරදා මෝඩ හිනා ඇහෙනා ස්වර හත රවටවා Jazz ගයන ළඳ මං (Jazz වයන ළඳ මං)...

Similar Songs