Skip to content

Lyrics

සිංහල
අයාගෙන නෙතු පියන් සීත රෑ කළුවරේ බලා ඉමි මම හෙටත් වඩිනතුරු සඳ මගේ ගලා යන කඳුළු බිඳු අනෝරා වැහි වගේ පමා නෑ අපි තවත් (වසන්තය අභිමුවේ...... ) සිනාසෙන ඔය දෙනෙත් මා ගැන සිත් විලේ දිවා රෑ නුඹ දකින් සිහිනයක් සේ ප්‍රියේ හදාගෙන ඉන්න බෑ මගේ හිත නුඹ වගේ කියාදෙනු මැන වූ වරද කිමදැයි මගේ ගලා යන කඳුළු බිඳු අනෝරා වැහි වගේ පමා නෑ අපි තවත් (වසන්තය අභිමුවේ...... ) විරාමය අවැසි නම් තබන්නට ආදරේ මකාලනු මැනවි හැම මතකයන් මා කෙරේ උදාවෙන හෙට දිනේ සතුට සපිරුණු නුඹේ සුබාසිරි පතන්නම් කඳුළු සඟවා නෙතේ ගලා යන කඳුළු බිඳු අනෝරා වැහි වගේ පමා නෑ අපි තවත් (වසන්තය අභිමුවේ...... )

Similar Songs